ඔබ Roar එක්ක ලියන්න ඕනේ ඇයි?

Roar Media
-
October 28, 2019

අද වෙද්දී ලිවීම තම වෘත්තිය කරගන්නට කැමැති තරුණ තරුණියන් බොහෝ යි. මින් දශක කීපයකට ප්‍රථම බහුතරයක් දෙනාට “ලිවීම” හුදෙක් හැකියාවක් පමණක් වුණත්, වර්තමානයේ දී එය වෘත්තියක් ලෙස පුහුණු වීමට ඇති අවස්ථාවන් අතීතයේ දීට වඩා ඉහළ වීම එයට එක හේතුවක්. සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ අවසන් කිරීමෙන් හෝ ඊටත් පසුවත්, ලිවීමට ප්‍රිය කරන්නන් එයට යොමු වන්නට උත්සාහ කරනවා. නමුත් මෙයින් බහුතරය තමන්ට රචනය (වෙබ් අඩවියකට, පුවත් පතකට ලිපි ලිවීමේ සිට, පොතක් පරිවර්තනය හෝ ස්වතන්ත්‍ර කෘතියක් රචනය දක්වා) කිරීමට, ලිවීම හුරුවීම හෝ පුහුණුවීමට අවශ්‍ය බව දැන සිටිනවා වුණත්, එය කෙසේ කොතැනින් ආරම්භ කළ යුතුදැ යි නිවැරදි අදහසක් නැහැ.

ඔබ දැනටමත් කොතැනින් හෝ රචනය අරඹන්නට උත්සාහ කර ඇත්තෙකු නම්, රචනය පුහුණු වීමට, තමන්ගේ ලිවීමේ අඩුපාඩු නිවැරදි කරගැනීමට තැනක් තිබීම ඉතා වැදගත් බව ඔබ දන්නවා. මෙම ක්ෂේත්‍රයේ ඉහළට යෑම ඔබේ බලාපොරොත්තුව නම්, Roar සිංහල හා ආරාධිත රචකයෙකු ලෙස ඔබ එක්විය යුත්තේ අන්න ඒ නිසාම යි.

රචකයෙකු වීමට කැමැති පාඨකයින්ට Roar සිංහල ලබාදෙන්නේ කුමන ආකාරයේ අත්වැලක්දැ යි දැනගැනීමේ කුතුහලයක් ඔබට ඇති බව නොඅනුමාන යි.

අප, Roar ආරාධිත රචක කරළිය හඳුන්වා දී ඇත්තේ ඒ සඳහා යි.

Roar ආරාධිත රචක කරළිය, එහෙමත් නැතිනම් Roar Contributor Platform එක, Roar හි සේවයේ නිරත නොවන නමුත් රචනයට කැමැති ඕනෑම කෙනෙකුට සම්බන්ධ විය හැකි, තමන්ගේ ලිපි ඉදිරිපත් කළ හැකි වේදිකාවක්. ඔබ ලිවීමට කැමැත්තේ කුමන ආකාරයේ මාතෘකාවන් හා සබැඳි ලිපි වුව ද, ඒවා අප සාමාන්‍යයෙන් දැනුම බෙදන අන්දමේ ප්‍රවර්ගයක් යටතට වැටේ නම් (ඉතිහාසය, විද්‍යාව හා තාක්ෂණය, සෞඛ්‍යය හා ජිවන රටා, කලාව, එදිනෙදා පුවත්, ක්‍රීඩා) හෝ, අප පාඨකයින්ට ඒවා ප්‍රයෝජනවත් තොරතුරු සපයන්නේ නම්, එම ලිපි පිළිගැනීමට Roar සූදානම්!

Roar එකට ලිවුවොත් මට ලැබෙන්නේ මොනවා ද?

එම ප්‍රශ්නය ඔබට මේ වන විට ඇතිව තිබෙනවා විය යුතු යි. ප්‍රධාන වශයෙන් ඔබට ලැබෙන දේ අතර ලිවීමේ පුහුණුව, අත්දැකීම්, සහ ඔබ වටා පාඨක ප්‍රජාවක් ගොඩනැගීම ලෙස හඳුන්වා දිය හැකියි. මක් නිසා ද යත්, ඔබේ ලිපිය අපගේ තත්ත්වයන්ට අනුකූල නම් එය පළ වන්නේ අපගේ ලේඛක මඬුල්ලේ රචකයින්ගේ ලිපි හා මිශ්‍රව අපගේ ප්‍රධාන වෙබ් අඩවියේ යි! ඔබට අපගේ වෙබ් අඩවියේ රචක ප්රෝෆයිලයක් ලැබෙන අතර, ඔබ මෙතෙක් ලියූ සියලුම ලිපි ඔබේ මිතුරන් හා බෙදාගන්නට හැකි ලෙස එහි දැක්වෙනවා. ඊට අමතරව, ඔබේ ලිපි අප අතින් සංස්කරණයට ලක්වන නිසා නිවැරදිව භාෂාව සහ ව්‍යාකරණය හසුරුවන්නේ කෙසේ ද යන වගත් කාලයත් සමග ඔබට උගත හැකියි.

වැඩ පටන්ගන්න කැමති නම් ‘Start Contributing’ බොත්තමෙන් පිවිසෙමු

Roar සමග ලියන තවත් ආරාධිත රචකයින් සිටිනවා ද?

ඇත්තෙන්ම ඔව්. අපට නිතිපතා ලිපි එවන, රචනය අතින් දිනෙන් දින දියුණු වන ආරාධිත රචකයින් බොහෝ සිටිනවා. ඔවුන් ඉතා වැදගත් තොරතුරු ඇතුළත්, රසවත් ලිපි අප වෙත නිතර ලබා දෙනවා. දිනේෂ් අසංක, ශාන් විරාජ්, හසිනි ජයමිණී වැනි, අපේ හොඳම ආරාධිත රචකයින් කීපදෙනෙකුගේ Roar ප්රෝෆයිලයන් අප මෙහි අමුණන්නේ, නව ආරාධිත රචකයෙකු ලෙස ලිවීමට කැමැති ඔබට මඟ පෙන්වීමක් ලබාගනු සඳහා යි.

ඉතින් කොහොමද මේ වැඩේ පටන් ගන්නේ?

ආරාධිත රචකයෙකු ලෙස ලියන්නට ඔබ දැනටමත් තීරණය කර අවසන් නම්, අඩුම තරමින් එය උත්සාහ කර බැලීමට උද්යෝගයෙන් සිටිනවා නම්, පහත සටහන් කර ඇති ලින්කු ඔබට ඉතා ප්‍රයෝජනවත් වේවි.

  1. Roar එක්ක ලියමු ද?
  2. ආරාධිත රචකයෙකු ලෙස සම්බන්ධ වන ඔබට..

එහෙනම් ලියන්න පටන් ගනිමු ද? ආරාධිත රචක කරළියට මෙතනින් පිවිසෙන්න.

END OF ARTICLE
If you found this article interesting and want to share it with your network, we have made it slightly more easier for you to do so
Subscribe!
Subscribe to the Roar Global Newsletter to stay updated on our latest company announcements and our take on the future of media in the region
Related articles