ගෙවී ගිය 2019 වසර Roar සිංහල අපට යහපත් වසරක්. එම වසර පුරාවටම පාඨක ඔබ වෙනුවෙන් විවිධාකාර මාතෘකාවන් යටතේ බොහෝ ලිපි ගෙන ඒමට අපට හැකිවුණා. ඉතිහාසය, ක්‍රීඩා, විශේෂාංග ආදී ප්රවර්ගයන් කීපයක්ම අනෙක්වාට වැඩියෙන් ඔබ අතර ජනප්‍රිය වුණා. මේ ලැයිස්තුවෙන් ඔබ වෙත ගෙන එන්නේ 2019 වසරේ ඔබ අතර වඩාත් ආදරයට ලක්වුණ ලිපි 10 යි. මේ ලැයිස්තුවට ටෙක් ලිපි කීපයකුත් ඇතුළත්.
මීට වසර 60කට ඉහත ඇමරිකා එක්සත් ජනපදයේ ෆිලඩෙල්ෆියාවට මඳක් උතුරින් වූ වනෝද්‍යානයක් අසල මාර්ගයේ ගමන් කරමින් සිටිය දී, සාවෙකු ලැහැබට ඇදෙනු දැක ඒ පසුපස ගමන් කළ සිසුවෙකුට පඳුරු අතරේ තිබී සාමාන්‍ය තරමේ කාඩ්බෝඩ් පෙට්ටියක් හමුවෙනවා. පෙට්ටිය විවර කොට බලන ඔහු එහි අන්තර්ගතයෙන් බියට පත්ව දිව යන්නේ ආසන්නයේම වූ පොලිස් ස්ථානයට යි. ඉන්පසු සිදු වූයේ කුමක් ද? මේ ලිපියෙන් විස්තර කෙරෙන්නේ එය යි.
දෙවන ලෝක යුද්ධය අවසන් වූ සමයේම වාගේ සුමාත්රාවට ආසන්න මලක්කා සමුද්‍ර සන්ධිය ආසන්නයේ ඕලන්ද නැවක් අනතුරට පත්වී තිබුණා. නැවෙන් නිකුත්වුණු උදව් ඉල්ලීමේ පණිවුඩය අසා පැමිණි එක්සත් ජනපද නෞකා දෙකකට ඕලන්ද නැව ඔහේ පාවෙමින් තිබෙණු සොයාගන්නට හැකිවුණා. නැවට වී තිබුණේ කිසිවෙකුටත් පැහැදිලි නොකළ හැකි යමක්. ඔරෑන්ග් මෙඩාන් නැවේ සිදුවීම තවමත් අභිරහසක් වන්නේ එනිසා යි.
ලොව කැළඹූ ඇතැම් දේශපාලනික කලබල ඇතැම්විට හටගන්නේ කිසිසේත් නොවැදගත් මෙන් පෙනෙන කුඩා සිද්ධීන්ගෙන්යැ යි කිව හැකියි. බ්‍රිතාන්‍යයේ යුධ කටයුතු පිළිබඳ ලේකම් ධුරය හෙබවූ ඇමැතිවරයා ඉල්ලා අස්වන තැනටත්, වසර 13ක කොන්සර්වටිව් පාලනය බිඳ වැටෙන තැනටත් කටයුතු සිදු වුණේ කුඩාවට ඇරඹුනු ලිංගික ආන්දෝලනයක් නිසා යි.
දෙවන ලෝක යුද්ධයටත් පළමුව වන වාසයට ගිය පවුලක් ඉන් පිටතට එන්නේ ඉන් වසර 42කට පසුව යි. මේ ලිපිය ඔවුන් වනයේ ජීවත් වූ අයුරු, ඔවුන් පිටත ලෝකය මඟින් සොයාගත් අයුරු සහ, ඔවුන් වනයෙන් පිටතට පැමිණියා ද යන්න ගැන තොරතුරු ඉදිරිපත් කරනවා.
2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ තරගයේ දී ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න Carrying the bat නමින් හඳුන්වන සුවිශේෂී දස්කම දැක්වූයේ වසර 20කට පසු ලෝක වාර්තාවකුත් පිහිටුවමින්.
සාමාන්‍යයෙන් එක්දින තරගවල කණ්ඩායමක් ලකුණු 300ක් පහසුවෙන් හඹා ගියත්, එක්දින ලෝක කුසලාන තරගාවලි ඉතිහාසය පිරික්සා බැලීමේ දී අපට හමුවන්නේ එවැනි හඹායාම් 7ක් පමණයි. මේ ලිපියෙන් ඉදිරිපත් කෙරෙන්නේ ඒ විශේෂ හඹායෑම් 7 ගැන යි.
1935 වර්ෂය ආරම්භවත්ම වාගේ කරළියට පැමිණි අභිරහසක් "කාමර අංක 1046". මේ අභිරහස තවමත් විසඳී නැහැ. ඔබ අභිරහස් කතන්දරවලට ප්‍රිය නම්, මේ ලිපිය ඔබ කියවිය යුතුම යි.
හොලිවූඩ් චිත්‍රපට නරඹද්දී ඉඳහිට ඇසෙන යෙදුමක් "එයා ෆෝස් වන්". එය ඇමරිකානු ජනපතිවරයා හා බැඳි යෙදුමක් බව ඔබ සමහරෙක් දන්නවාත් ඇති. හැබෑවටම මොකද්ද මේ එයා ෆෝස් වන්? මේ ලිපියෙන් සවිස්තරාත්මකව පැහැදිලි කෙරුණේ ඒ ගැන යි.
එක්සත් ජනපදයේ ට්‍රම්ප් ආණ්ඩුවෙන් Huawei සමාගම අසාදු ලේඛනගත කිරීමත් සමගම එරට සහ එම ආයතනය අතර ගනුදෙනුවලට බාධක පැනවුණා. මේ සිදුවීම ලාංකීය Huawei පාරිභෝගිකයින්ට බලපානු ඇත්තේ කෙසේදැ යි අප සාකච්ඡා කළේ මේ ලිපිය හරහා යි.
වැඩක යෙදී ඉන්න වෙලාවක කම්මැලි දැනුනොත්, YouTube එකට ගිහින් විඩියෝ බල බලා ඉන්නවාට වඩා කරන්න පුළුවන් විනෝදජනක දේ බොහොම යි. මේ, Roar ටෙක් විසින් ඉදිරිපත් කෙරුණු, කම්මැලි වෙලාවට යන්න පුළුවන් විනෝදජනක වෙබ් අඩවි කීපයක ලැයිස්තුවක්.
මේ ලැයිස්තුවට ඇතුළත් වන්නේ ඔබ වඩාත් ප්‍රිය කළ ලිපි යි. අප වඩාත්ම ප්‍රිය කළ ලිපි තවත් ලැයිස්තුවකින් ඔබ වෙත ගෙන එන්නම්.