Roar ඇප් එක ආවා!

Roar Media
|
October 16, 2018

Roar ඇරඹුනු හැටි, Roar ගොඩනැගුණු හැටි ගැන තොරතුරු ටික කාලයකට ප්‍රථම Roar අපේ කතාව හරහා පාඨක ඔබ සමග බෙදාගත්තා ඔබට මතක ඇති. ඒ ලිපිය පළවෙලා මාස කීපයකුත් ගතවෙලා නිසා, වෙබ් අඩවියකින් නොනැවතී ඇප් එකක් දක්වාත් Roar විහිදුණු ආකාරය ඔබට කියන්න දැන් හොඳ කාලය.

2016 දී ඇරඹුනු Roar සිංහල, එදා පටන් ඔබත් එක්ක එකතු වෙලා ලොකු දුරක් ඇවිත් තිබෙනවා. ආරම්භයේ දී අප්‍රසිද්ධ වෙබ් අඩවියක් වෙලා සිටියත්, අද වන විට මසකට පාඨකයින් 360 000ක් පැමිණෙන, කියවන වෙබ් අඩවියක් බවට පත්වෙන්නට Roar සිංහලට හැකියාව ලැබිලා තිබෙනවා. ඔබේ විශ්වාසය ඒ අයුරින් දිනාගන්නට අපට හැකි වන්නට ඇත්තේ දැනුම සහ වින්දනය රසවත් හා විශ්වාසනීය අයුරින් සපයන්නට අප ගන්නා මහත් උත්සාහය නිසා බව Roar සිංහල විශ්වාස කරනවා.

කොහොම නමුත්, අද කතා කරන්න සූදානම ඒ ගැන නෙවෙයි නේ. ලිපියෙ අරමුණ පාඨක ඔබට Roar ඇප් එක ගැන කියන එක යි. කෙලින්ම කිව්වොත්, Roar අපි app එකක් හැදුවා!

කාලයක් පටන්ම ඔබ අතරින් සැලකිය යුතු පිරිසක් අපෙන් විටින් විට Roar ඇප් එකක් හදන්න කියලා ඉල්ලුම් කළා. ඒ නිකම්ම නෙවෙයි, ඇප් එකකින් ඔබට ලැබෙන වාසි ගැනත් අපට දැනුම් දෙමින්. ඔබේ ඉල්ලීම්වලට "ඔබේ අදහසට ස්තුතියි" කිව්වා මිස, Roar පාර්ශවයෙන් සාධනීය යමක් සිදුවුණේ නැහැ කියලා ඇතැම්විට ඔබ අමනාප වෙන්නටත් ඇති. මොකද ඔබ ඇතැමෙක් අප වෙත මේ අදහස ඉදිරිපත් කරලා අවුරුද්දකටත් වැඩියි.

පාඨක ඔබ අප වෙත මේ අදහස ඉදිරිපත් කරන්නටත් කාලයකට පෙර යි Roar අපි ඇප් එකක් හදන අදහස සැලකිල්ලට ගත්තේ. නමුත් ඔබේ ප්‍රතිචාරය කොහොම වෙයි ද කියන එක නොදැන සිටි නිසා ඇප් එකක් ගොඩනැගීමේ අදහස ක්‍රියාත්මක වුණේ නැහැ. ඉතින් Roar ඇප් එකක් සම්බන්ධව අදහස් සහ ඉල්ලීම් පාඨක ඔබ වෙතින් දිගින් දිගටම ගලාගෙන එද්දී අපි ධෛර්යයමත් වුණේ නැහැ කිව්වොත් ඒක බොරුවක්. අදහසකට සීමා වෙලා තිබුණු Roar ඇප් එක නිර්මාණය ඇරඹුනේ ඔබේ ඒ සහයෝගය සහ උද්යෝගය නිසා යි.

හැබෑවටම ඇප් එකක් අවශ්‍ය ඇයි? වෙබ් අඩවිය හරහාම ලිපි කියවන්න පුළුවන් නේ ද? ඔබ ඇතැමෙක්ට ඔය ගැටළුව මතුවෙන්නට ඇති. ඇත්ත, වෙබ් අඩවිය හරහාත් ලිපි කියවන්න පුළුවන් තමයි. හැබැයි,

හැබැයි,

සමහර වාසි ලැබෙන්නේ ඇප් එකකින්ම විතර යි.

මූලිකවම, app එක හරහා ලිපි කියවද්දී වැයවෙන data ප්‍රමාණය, වෙබ් අඩවිය හරහා කියවද්දී වැයවෙන ඩේටා ප්‍රමාණයට වඩා අඩු යි. වෙබ් අඩවිය හරහා කියවද්දී ඇතිවන ලිපි නොපෙනී යෑම වගේ ඇතැම් ගැටළුත් app එක භාවිතාවෙන් විසඳෙනවා. ඊට අමතරව, ඉදිරියේ දී ඇප් එකට මෙන්න මේ features එකතුවෙන්නට නියමිත යි:

Roar ඇප් එක හරහා Roar විඩියෝස් ප්‍රමාදයකින් තොරව නරඹන්න පුළුවන්.

වාසි අංක 01 : Roar ඇප් එක ඔබට අවශ්‍ය පරිදි customize කරගන්න පුළුවන්. ඒ කිව්වෙ ඔබට අවශ්‍ය ප්‍රවර්ගයන් හෝ ඔබ කැමති ආකාරයේ ලිපි පමණක් කියවන්නට හැකි අයුරින් ඇප් එකේ සෙටින්ග්ස් හදාගන්න පුළුවන්.

උදාහරණයක් විදියට, ඔබ කියවන්නට කැමති ලොව වටා තොරතුරු පමණක් කියලා හිතමු. Roar ඇප් එක හරහා එවැනි තොරතුරු අඩංගු ලිපි පමණක් ඔබට suggest වෙන විදියට settings සකස් කරගන්නට පහසුකම තියෙනවා. ඒ වගේම, වෙබ් අඩවිය හරහා ලබාගන්නට බැරි push notification පහසුකමත් ඇප් එකෙන් ලැබෙනවා.

වාසි අංක 02 : Offline mode එක. ඉන්ටර්නෙට් පහසුකම නැති අවස්ථාවක දී ලිපියක් කියවන්නට අවශ්‍ය නම් ඔබට කරන්නට තියෙන්නේ අන්තර්ජාලයට සම්බන්ධ වුණු අවස්ථාවක ලිපි සේව් කරගන්න එක යි. මේ පහසුකම හරහා, ඔබට ඉන්ටර්නෙට් පහසුකම නැති වෙලාවක වුණත් ඔබේ ප්‍රියතම ලිපි, විඩියෝ පරිශ්‍රිලනයට අවස්ථාව ලැබෙනවා.

වාසි අංක 03 : Night mode. දීප්තිමත් දුරකථන තිරයක් දිහා වැඩි පැය ගණනක් බලා සිටින එකේ සෞඛ්‍යමය අවාසි බොහොම යි. මේවා නින්දට බාධා ඇතිවීමේ, අවධානය අඩු වීමේ ඉඳලා දෑසට දැනෙන වේදනාව දක්වා පරාසයක පැතිරෙනවා. Roar ඇප් එකෙන් night mode පහසුකම ලබා දෙන්නේ ඒ නිසා යි. පාඨක ඔබෙන් සැලකිය යුතු තරමක් දෙනා ලිපි කියවන්නේ රාත්‍රියේ දී බව අපි දන්නවා. Night mode එක රාත්‍රියේ දී ලිපි කියවීමේ දී පහසුවක් වේවි.

වාසි අංක 04 : ෆේස්බුක් නැතිවම ලිපි කියවන්න පුළුවන්. මේක ටිකක් විකාර කතාවක් වගේ හැඟුනත්, ලංකාවටම ෆේස්බුක් තහනම් වුණු සතියක් තිබුණා මතක ඇති නේ? ඒ සතියෙදි ෆේස්බුක් හරහා ඇවිත් Roar සිංහල වෙබ් අඩවියේ ලිපි කියවන ඔබ සමහරු අපහසුතාවයට පත්වුණා. Roar ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තොත් ඒ ගැටළුවට මුහුණපාන්න වෙන්නේ නැහැ හිටන්!

“මේකේ වාසි විතරම ද? අවාසි නැද්ද?”

තියෙනවා.

ඇප් එක මෙගා බයිට් 14ක්.

“14MB? ඒක ඉතින් අවාසියක් වෙන්නේ කොහොමද?? පොඩි ඉඩයි නේ යන්නේ?”

ඉතින් ඒක තමයි කියන්නේ!

Roar ඇප් එක නිකුත් කෙරුණේ 2018 අගෝස්තුවේ දී යි. විවිධ features ඇප් එකට එකතු වෙමින් පවතිනවා වගේම, ඉහත සඳහන් කළ features සියල්ලමත් ඉදිරි සති කීපයක් තුළ ඇප් එකට එකතු වෙන්නට නියමිත යි. පසුගිය මාස දෙකකට ආසන්න කාලය තුළ එය 12 200 වාරයක් Play Store සහ App Store හරහා බාගත කරගෙන තිබෙනවා.

END OF ARTICLE
If you found this article interesting and want to share it with your network, we have made it slightly more easier for you to do so
Subscribe!
Subscribe to the Roar Global Newsletter to stay updated on our latest company announcements and our take on the future of media in the region
Related articles