Roar සිංහල Gold: රත්‍රන් එච්චර ගණන් නෑ

Roar Media
-
January 17, 2019

පසුගිය මාස කීපය තුළ Roar ගැන අතීත කතා, Roar සිංහල ඇතුළේ කතා, Roar සිංහල අනාගත සැලසුම් ගැන ලිපි කීපයක්ම අප ඔබ වෙත ගෙන ආවානේ. ඒ ගොන්නට එකතු කරන්නට අවශ්‍ය තවත් යමක් දින කීපයකට පෙර නිකුත්කෙරුනා. ඒ "ස්වර්ණමය" කතාව තමයි, Roar සිංහල Gold!

Roar සිංහල Gold කියන්නේ Roar සිංහල විසින් සාඩම්බරයෙන් ඉදිරිපත් කෙරෙන නව ලිපි මාදිලියක්. මේ හරහා තත්ත්වයෙන් උසස් premium ලිපි එකතු යම් මුදලක් ගෙවා පරිහරණය කරන්නට Roar පාඨක ප්‍රජාවට ඉඩකඩ සලසා දෙනවා.

මොකද්ද මේ "Roar සිංහල Gold"?

Roar සිංහල Gold කියන්නේ සරලවම premium ලිපි සහ විඩියෝ එකතුවල එකතුවක්. ඉතිහාසය, විද්‍යාව, තාක්ෂණය, දේශපාලනය, සහ කාලීන තොරතුරු යටතේ එන විවිධ මාතෘකාවන් අලලා විශේෂයෙන් සකස් කෙරෙන, ගැඹුරු තොරතුරු සරලව ඉදිරිපත් කෙරෙන උසස් තත්ත්වයේ නිර්මාණ එකතු මෙයට අයත්.

Roar සිංහල Gold ලේබලය යටතේ යම් යම් මාතෘකා ගැන විශේෂයෙන්ම නිමැවුණු විඩියෝ, සහ ලිපි කීපයක බන්ඩලයක් ලෙස සුළු මුදලක් ගෙවීමෙන් පරිහරණය කරන්නට Roar සිංහල පාඨකයාට අවස්ථාව සැලසෙනවා.

ඇයි මේ "Gold"?

පළවෙනි ගෝල්ඩ් එකතුව ආවා!

දැනුම කිසිසේත්ම වරප්‍රසාදයක් හෝ සුඛෝපභෝගීත්වයක් විය යුතු නැහැ. දැනුම ඕනෑම කෙනෙකුට, ඕනෑම අවස්ථාවක පරිහරණය කිරීමට හැකි විය යුතු යි. නමුත් "නිරවද්‍ය දැනුම" කියන්නේ වර්තමානයේ දී සයිබර් අවකාශයට අත්‍යාවශ්‍යම නමුත් කෙමෙන් අඩු වී යන දෙයක්. සිංහලෙන් තොරතුරු සපයන වෙබ් අඩවි හතු පිපෙන්නාක් මෙන් මතු වුණත්, මේවායෙන් සපයන තොරතුරුවල නිරවද්‍යතාවය ගැන කිසිවෙකුත් වග කියන්නේ නැහැ. නිරවද්‍ය තොරතුරු සිත් අලවන රසවත් සහ කුතුහලය දනවන අයුරකින් ඉදිරිපත් කිරීම කීපදෙනෙකුට පමණක් කළ නොහැකි ආකාරයේ වෙහෙස දනවන, මුදල් වැයවන කාර්යයක් වීම මේ දැනුම සපයන වෙබ් අඩවි බොහොමයකින් ඉදිරිපත් කෙරෙන තොරතුරුවල නිරවද්‍යතාවය පහත වැටීමටත්, හොඳ වෙබ් අඩවි වැසී යන්නටත් හේතුවක්.

Roar සිංහල විසින් Roar සිංහල Gold හඳුන්වාදෙන්නේ මේ නිසා යි. Roar සිංහල Goldහි සහායෙන් අපට අපේ සීමා තව තවත් පුළුල් කරගන්නට, අප මෙතෙක් ස්පර්ෂ නොකළ විෂයය ක්ෂේත්‍රයන්ට පැතිරෙන්නට හැකි වනු ඇතැයි යන යහපත් චේතනාව අප වෙත වෙනවා. එසේම මෙය Roar සිංහල වෙබ් අඩවියේ ලිපි හා විඩියෝ අනාගතයේ දී ත් නොමිළේම ඔබ වෙත ගෙන එන්නට මහත් අනුග්‍රහයක් වනු ඇති.

ලිපි එකතුවක් ලබා ගන්නේ කොහොම ද?

කවද ද මේ Gold ලිපි නිකුත් වෙන්නේ.. කොහොමද මේ Gold එකතුවක් මිළට ගන්නේ.. මේවා ඔබට දැනටම මතුවෙලා තිබෙන ගැටළු වෙන්නට පුළුවන්. ඉතින් පළවෙනි ප්‍රශ්නයට උත්තරේ නම්, Roar සිංහල Gold එකතුව පාඨකයා වෙත දැනටම ඉදිරිපත් කර අවසන්! එයට මෙන්න මේ ලින්ක් එක හරහා පිවිසෙන්නට පුළුවන්.

ලිපි එකතුවක් මිළට ගැනීමේ දී credit හෝ debit කාඩ් පතකින්ම ගෙවන්නට අවශ්‍ය නැහැ. ඔබේ ජංගම දුරකතන ගිනුමේ මුදලින් පවා ඔබට මේ එකතුවක් මිළට ගන්නට පුළුවන්! වැඩි විස්තර දැනගන්නට කැමති ද? එහෙනම් කමෙන්ට් එකකින් අපෙන් අහන්න.

END OF ARTICLE
If you found this article interesting and want to share it with your network, we have made it slightly more easier for you to do so
Subscribe!
Subscribe to the Roar Global Newsletter to stay updated on our latest company announcements and our take on the future of media in the region
Related articles