Roar Media
August 17, 2019

Roar එක්ක ලියමු ද?

අපටත් Roar එකට join වෙන්න පුළුවන් ද?”

මේ Roar සිංහල පරිශීලකයන් අපෙන් නිතර දෙවේලේ විමසෙන පැනයක්.

ලිවීමට ප්‍රිය කරන Roar සිංහල පාඨකයින් බොහෝ සිටිනා බව මෙවැනි පැනයන් බොහොමයක් අපෙන් විමසා තිබිය දී අප වටහාගත්තා. ඇතැමුන් තම දැනුම බෙදාහදා ගන්නටත්, ඇතැමුන් හුදෙක් විනෝදය සඳහාත්, තවත් අයෙක් වෙනත් පෞද්ගලික හේතූන් මතත් ලිවීමට ප්‍රිය යි. ඒ සියලු දෙනාටම ලිවීමට ඉඩකඩ ලබාදෙන්නට යි Roar විසින් Contributor platform එකක්, එහෙමත් නැත්නම් ආරාධිත රචක කරළියක් ඔබ ඉදිරියේ තබන්නේ.

ආරාධිත රචක කරළියට ඔබට මෙතනින් පිවිසෙන්න පුළුවන්:

https://roar.media/contribute

ඉතින් ඔබත් ඔබේ ලිවීම් බොහෝ දෙනෙකු යන එන, බොහෝ දෙනෙකු වෙත ළඟා වෙන, බොහෝ දෙනෙකු කියවන, බොහෝ දෙනෙකුට දැනුම සපයන අවකාශයක රඳවන්නට කැමැති නම්, මෙන්න ඔබට අවස්ථාව!

ඔබට ඔබේ දැනුම් පථය අනුව ඉතිහාසය, ක්‍රීඩා, විද්‍යාව හා තාක්ෂණය, සිත්ගන්නාසුලු දේශීය හා විදේශීය තොරතුරු, ජීවන රටා, පොප් සංස්කෘතිය, චාරිකා, වෘත්තිමය දැනුම, කෙටි කතා, සහ තවත් බොහෝ නිර්මාණයන් Roar හා බෙදාගත හැකියි.

 ‘Start Contributing’ බොත්තම ඔබලා වැඩ පටන්ගමු!
‘Start Contributing’ බොත්තම ඔබලා වැඩ පටන්ගමු!

හැබැයි ලියන්න කලින් පිළිපදින්නට අවශ්‍ය කොන්දේසි කීපයක් තියෙනවා! ඒ මොනවාද කිව්වොත්,

  • ඔබේ ලිපියට ගලා යන කතා තේමාවක් තිබිය යුතු යි. ඔබ ලිපිය ඉදිරිපත් කරන්නේ කුමන තේමාව යටතේ වුව ද, ඔබ ඉදිරියේ සිටිනා රසිකයින් පිරිසකට යමක් පැහැදිලි කරනා අයුරින් ලිපිය ඉදිරිපත් කිරීම වඩාත් උචිත යි.
  • ඔබේ ලිපිය කිසිදු ආගමකට, ජාතියකට, වර්ගයකට, හෝ ලිංගයකට අයත් පුද්ගලයෙකු/ පුද්ගලයින් අවමන් නොකළ යුතු යි.
  • කිසිදු ආකාරයක අතිශයෝක්තියට නංවන ලද, හෝ සාමයට බාධා කෙරෙන/ ජනයා කුපිත කරවනසුලු අන්තර්ගතයන් Roar විසින් අනුමත කෙරෙන්නේ නැහැ.
  • ඔබේ ලිපිය සඳහා තොරතුරු ලබාගන්නා මූලාශ්‍රයයන් පිළිබඳ ඉතා සැලකිලිමත් විය යුතු යි. විශ්වාසනීයත්වය තහවුරු කළ නොහැකි මූලාශ්‍රයයන්ගෙන් ලබාගන්නා තොරතුරු කිසිසේත් අනුමත කෙරෙන්නේ නැහැ. ඔබ ලබාදෙන සියලු තොරතුරු අව්‍යාජ සහ විශ්වාස කටයුතු විය යුතු යි. වඩාත් පැහැදිලිව කියනවා නම්,
  1. ඔබ යම් වෙබ් අඩවි ඔබේ මූලාශ්‍රයයන් ලෙස භාවිතා කරන්නේ නම්, ලිපිය අවසානයේ ඒවායේ සම්පූර්ණ URL සඳහන් කළ යුතු අතර, අවශ්‍ය තැනෙක දී ඒවා hyperlinks ලෙස භාවිතා කරන්නට ද පුළුවන්.
  2. ඔබ යම් පොතක්, සඟරාවක්, ප්‍රවෘත්ති ලිපියක් ඔබේ මූලාශ්‍රයයන් ලෙස භාවිතා කරන්නේ නම්, ලිපිය තුළ අවැසි තැන්වල දී සලකුණු යොදා, ලිපිය අවසානයේ පහත අනුපිළිවෙලින් සවිස්තර මූලාශ්‍රයය සඳහන් කළ යුතු යි.
  3. පොතේ/ සඟරාවේ නම - රචකයාගේ නම - පිටු අංකය - සංස්කරණය (තිබේ නම්) - ප්‍රකාශකයා - ප්‍රකාශිත දිනය/ වර්ෂය
  4. Wikipedia විශ්වාසනීය මූලාශ්‍රයයක් ලෙස සැලකෙන්නේ නැහැ.
  • කිසිදු ආකාරයක සෘජුව උපුටා පලකිරීම් අනුමත කෙරෙන්නේ නැහැ.
  • ඔබේ ලිපිය සමග ඒ හා සබැඳි පින්තූර කීපයක් (4 -5ක්) ද ඔබ විසින් සැපයිය යුතු යි. කිසිදු ආකාරයක දිය සලකුණක් ඇති, නිරුවත් හෝ අසභ්‍ය දර්ශන ඇති පින්තූර හෝ වීඩියෝ දර්ශන බාර ගැනෙන්නේ නැහැ. පින්තූර ඉදිරිපත් කිරීමේ දී පින්තුරවලට කැප්ෂන් ද, කවරයේ පින්තූර ඇතුළු සියලු පින්තූරය ලබාගත් වෙබ් අඩවියට හෝ ඡායාරූප ශිල්පියාට සම්මාන කළ යුතු යි.
  • ලිපියක අඩංගු විය යුතු අවම වචන සංඛ්‍යාව 600ක්. උපරිම වචන සංඛ්‍යාව 1500කට සීමා විය යුතු යි.

මේ රීතීන් අකුරටම පිළිපදින්න පුළුවන් නම්, ඔබේ ලිපියක් Roar සිංහල වෙබ් අඩවියේ පළ වන දිනය දුර නැහැ!

එහෙනම් අද ම පටන්ගමු ද?

END OF ARTICLE
If you found this article interesting and want to share it with your network, we have made it slightly more easier for you to do so
Subscribe!
Subscribe to the Roar Global Newsletter to stay updated on our latest company announcements and our take on the future of media in the region
Related articles