Facebook, ශ්‍රී ලංකාවේ සිය බලයලත් විකිණුම් සහකරු ලෙස Roar නම් කරයි

Roar Global
-
May 17, 2020

Facebook සමාගම ශ්‍රී ලංකාවේ සිය බලයලත් විකුණුම් සහකරු බවට Roar Advertising (Pvt) Ltd ආයතනය නම් කර තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ දේශීය ව්‍යාපාර හා ඒජන්සි සඳහා වෙළඳපොල සහාය හා විශේෂඥ උපදේශනය ලබා දීමට ඔවුන්ට හැකියාව ලැබීම යි. විශේෂයෙන් කොවිඩ් 19 වසංගත කාලය තුළ හා ඉන්පසුව විවිධ ව්‍යාපාරයන්ගේ ගමන් මාර්ගය පිළිබඳව ඔවුන්ට සහය ලබා දීමට Roar Advertising (Pvt) Ltd ආයතනයට හැකියාව ලැබෙනු ඇත.

“අග්නිදිග ආසියාව තුළ අපගේ විකුණුම් කණ්ඩායම් සාර්ථකව ව්‍යාප්ත කර තිබෙන පසුබිමක Roar Advertising (Pvt) Ltd ආයතනය Facebook හි ශ්‍රී ලංකාවේ බලයලත් විකුණුම් සහකරුවා දක්වා ගෙන ඒමට හැකියාව ලැබීම ගැන අප සතුටු වෙනවා. මෙවැනි අභියෝගාත්මක කාලයක් තුළ Roar Advertising (Pvt) Ltd සමග දේශීය ව්‍යාපාර ආයතනවලට තමන්ගේ විභවතාවය අවබෝධකරගෙන දේශීය වෙළඳපොළ පිළිබඳව අවබෝධයක් හා විශේෂඥතාවයක් සහිතව ශක්තිමත්ව නැගී සිටිය හැකි බව අප විශ්වාස කරනවා,”යි Facebook හි නැගී එන වෙළදපොළ පිළිබඳ ආසියා පැසිපික් කලාපයේ අධ්‍යක්ෂ ජෝඩි ෆෝනීස් අදහස් දැක්වූවා.

මේ අනුව Facebookහි බලයලත් විකුණුම් සහකරුවා ලෙස Roar Advertising (Pvt) Ltd ආයතනය ලංකාවේ දේශීය ව්‍යාපාර හා ඒවායේ නියෝජිතායතන වෙත උසස් තත්ත්වයේ ෆේස්බුක් මාධ්‍ය උපදේශනයන් නොමිලේ ලබා දීමට පුහුණුව ලබා සිටිනවා. දේශීය ව්‍යාපාර හා ඒජන්සිවලට අලුත් හා අත්‍යවශ්‍ය කුසලතා ඉගෙන ගැනීමට උපකාර කිරීම සඳහා ෆේස්බුක් වැඩමුළු වැනි වැඩසටහන් විවිධ පුහුණුවීම් සඳහා මඟ පෙන්වීමට මෙම ආයතනයට හැකියාව පවතිනවා.

මේ වන විට Roar Advertising (Pvt) Ltd ආයතනය දකුණු ආසියානු කලාපයේ සිය ස්ථාවරභාවය තහවුරු කරගෙන සිටිනවා. වෙළඳ ප්‍රචාරණ සමාගමක් ලෙස විවිධ මාධ්‍ය අන්තර්ගතයන් ඔවුන්ගේම මාධ්‍ය අවකාශයක ප්‍රකාශයට පත් කිරීම, වෙළඳනාම සඳහා අන්තර්ගතයන් නිෂ්පාදනය කිරීම හා අවශ්‍ය ආයතනයන් සදහා මාධ්‍ය තාක්‍ෂණික විසඳුම් ලබා දීම ඔවුන් දැනට සිදුකරන කාර්‍යයන් ලෙස හැඳින්විය හැකි යි.

Facebook ආයතනය සමග ඇතිකරගත් මේ නව හවුල්කාරීත්වය පිළිබදව Roar Advertising (Pvt) Ltd ආයතනය අතිශය සතුටට පත්වෙන බවත්, එසේම ශ්‍රී ලංකාවේ දේශීය ව්‍යාපාර හා ඒජන්සිවලට අභ්‍යන්තර ශක්තිමත්භාවය තවදුරටත් වර්ධනය කරගැනීම සඳහා අවබෝධයෙන් යුතුව සහයෝගය දැක්වීමට කටයුතු කරන බවත් Roar Advertising (Pvt) Ltdහි නිර්මාතෘ හා කළමනාකරණ අධ්‍යක්ෂ මුස්තෆා කසීම් සඳහන් කරනවා.

බලයලත් විකුණුම් සහකරුන්වන්ට දේශීය ව්‍යාපාරවලට උදව් කරන්නේ කෙසේ ද?

අප සමග කතා කරන්න.

END OF ARTICLE
If you found this article interesting and want to share it with your network, we have made it slightly more easier for you to do so
Subscribe!
Subscribe to the Roar Global Newsletter to stay updated on our latest company announcements and our take on the future of media in the region
Related articles