ශ්රී ලංකාවේ පවතින විදේශ විනිමය හිඟය සමඟ මේ වසරේ මුල සිට විදේශ විනිමය ගෙවීම් සඳහා දැඩි නීති රීති පනවා තිබේ. මින් ඉන් කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාර දැඩි පීඩාවට ලක්ව ඇති අතර, විශේෂයෙන් රුපියල අවප්රමාණය වීමේ ගැටලුව දැනටමත් ඔවුන්ට බලපෑම් කරන්නට පටන් ගෙන තිබේ. මෙම තත්ත්වය යටතේ, ශ්රී ලංකාවේ බලයලත් Meta විකුණුම් සහකරු (ASP) වන Roar Digital කණ්ඩායම සිය සේවාලාභී වෙළෙඳ සන්නාම 3,000කට අධික ප්රමාණයකට සුපුරුදු පරිදි කාලීන විසඳුම් සැපයීමට කටයුතු කර තිබේ.
මේ යටතේ පසුගිය සතියේ ශ්‍රී ලංකා රුපියල්වලින් Meta වෙළෙඳ දැන්වීම් සඳහා ගෙවීමේ අවස්ථාව උදාකර දුන් ලබූ, එමඟින් Roar Digital සහයෝගීතාව ලබන ආයතන සහ පුද්ගලයන්ට පවතින විදේශ විනිමය සීමා නොතකා සුපුරුදු පරිදි තම ව්‍යාපාර ප්‍රවර්ධන කටයුතු කරගෙන යාමට දොරටු කවදුරටත් විවර වී තිබේ. වත්මන් පාරිභෝගිකයන්ට මෙන්ම නව පාරිභෝගිකයන්ට ද මෙම වාසිය ලබා ගත හැකි අතර, ඔවුන්ට නව LKR ගිණුමක් සකසා පැරණි ගිණුමේ තිබූ දත්ත ඒ වෙත ආයත (migrate) කර ගැනීමට ද හැකි වේ.
LKR වෙළෙඳ දැන්වීම් ගිණුමක් භාවිත කිරීමේ ප්‍රතිලාභ කිහිපයක් ඇත. වඩාත් ම වැදගත් අංගය වන්නේ ප්‍රචාරක කටයුතු සඳහා මුදල් යෙදවීමේදී විනිමය අනුපාත උච්චාවචනයෙන් දැන්වීම්කරුවන්ට තවදුරටත් බලපෑම් සිදු නොවීම යි. දෙවැන්න, ක්‍රෙඩිට් කාඩ්පත් භාවිත කරන්නන්ට එය වඩාත් ලාභදායී විසඳුමක් වීම යි. දැන්වීම්කරුවන්ට රුපියල්වලින් අය කෙරෙන රූපවාහිනී, රේඩියෝ, සහ මුද්‍රිත සේවා මෙන් ම අන්තර්ජාල ප්‍රවර්ධන කටයුතු ද දැන් මේ හරහා රුපියල්වලින් ම කළමනාකරණය කිරීමේ පහසුකම සැලසේ. ඒ අනුව, ඔවුන්ට වියදම් වූ මුළු මුදල රුපියල් සහ ශතවලින් ම නිරවද්‍ය වාර්තාවක් යටතේ ලබා ගත හැකි වේ.
වැඩිදුර විස්තර දැනගැනීමට පහත FAQ (නිතර අසන ප්‍රශ්න) බලන්න.
ඔව්, කෙසේ වෙතත් USD දැන්වීම් ගිණුම් සඳහා වන සියලුම වියදම් 2022 ඔක්තෝබර් 1 වන දින සිට USD වලින් ම පියවිය යුතු ය
ඔබට පැරණි ගිණුමේ තිබූ දත්ත නව ගිණුම වෙත ආයාත (migrate) කර ගැනීමට හැකියාව තිබේ. එය සිදු කරන ආකාරය පහත වීඩියෝවෙන් බලන්න.
ඔබේ USD දැන්වීම් ගිණුමේ ඇති Campaigns නව LKR දැන්වීම ගිණුම වෙත ආයාත කරන ආකාරය
ඔබ Roar Digital හි සේවාලාභියෙක් නම්, සහ දැනටමත් අප සමඟ USD දැන්වීම් ගිණුමක් ඔබට තිබේ නම්, ඔබගේ Campaigns, LKR දැන්වීම් ගිණුමක් වෙත ගෙන යාමට අපගේ කණ්ඩායම ඔබ සම්බන්ධ කරගනු ඇත. ඔබ නව පාරිභෝගිකයෙක් නම්, සහ LKR දැන්වීම් ගිණුමක් සකසා ගැනීමට කැමති නම්, කරුණාකර අපගේ සේවා හවුල්කාරිත්ව කණ්ඩායම සම්බන්ධ කර ගන්න.
Udara Hettiarachchi
VP, Client Partnerships
udara.h@roar.global
+94 (76) 221 2338
Balamurali Ravindramoorthy
Senior Manager, Client Partnerships
balamurali@roar.global
+94 (76) 773 6734
Ranjith Kumar
Assistant Manager – Client Partnerships
ranjith.kumar@roar.global
+94 (76) 367 8021
Shameer Shah
Junior Client Partner
shameer@roar.global
+94 (74) 281 2367
ඔබට අවශ්ය ගැටලුව විසඳුණේ නැති ද? කරුණාකර දුරකථනයෙන් හෝ ඊමේල් හරහා අපගේ කණ්ඩායම් සාමාජිකයෙක් සම්බන්ධ කර ගන්න.
ශ්‍රී ලංකාවේ Meta ASP වැඩසටහන සම්බන්ධයෙන් වැඩි විස්තර දැන ගැනීම සඳහා www.roar.global/digital වෙත පිවිසෙන්න.