සේයාරූ ඔස්සේ කතාන්දර ගොඩනංවන්නට මඟ සලසන Roar Showtime

Roar Global
-
December 20, 2019

Roar අපි අපූර්ව කතන්දර ගොඩනැගීම අපේ වැදගත්ම කාර්යය ලෙස සලකනවා. භාෂාව වගේම සිත් ඇදගන්නා ඡායාරූප ඔස්සේ වැදගත් මාතෘකාවන් ඔබට වඩාත් සමීප කරන්න පුළුවන් බව අපි විශ්වාස කරනවා.

Roar Showtime ඡායාරූප ශිල්පීන්ගේ හැකියාවන් ලෝකය වෙත විදහා දක්වන්නට අප කරනා මුලපිරීමක්. ඔබ ඡායාරූපකරණයට ආධුනික වුවත්, ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වුවත්, ඔබේ දැක්ම හා කැපවීම අනෙක් සියල්ලන්ටම අභිප්‍රේරණයක් බවට පත් කිරීම යි මෙහි අරමුණ. Roar Showtime කැමරා කාචය හැසිරවීමට ඔබට තිබෙන හැකියාවට වගේම, ඔබේ සේයාරුව ඔස්සේ ලෝකය වෙත පැවසීමට උත්සාහ දරන කතාන්දරයටත් වේදිකාවක් බවට පත් වේවි.

අපට අවශ්‍ය ඔබ ගවේශකයෙකු බවට පත් කරන්නට යි. ඉන් නොනැවතී එදිනෙදා දකින්නට ලැබෙන දෙයට එහා යමක් ඔබේ ඡායාරූපයන් ඔස්සේ නිරුපණය කරවන්නට, සහ ඒ ඔස්සේ විස්මිත කතන්දර ගොඩනංවන්නට ඔබට අත්වැලක් සපයන්න යි.

අඛණ්ඩව ක්‍රියාත්මක වීමට නියමිත මේ ව්‍යාපෘතියේ පළමු අදියරේ මාතෘකාව බවට පත් වෙන්නේ-සමාජීය වර්ණාලේප (Colours of Community)

ඔබ කළ යුත්තේ සමාජයේ යම් ප්‍රජාවක් පුද්ගලයකු/ කණ්ඩායමක්/ ප්‍රජාවක් හෝ සිදුවීමක් නිරූපණය වන, ඔවුන්ගේ කතාව ඒ හරහා ප්‍රකාශ වන වර්ණයක් තෝරාගැනීම යි. මේ වර්ණයන් ඡායාරූපයේ තේමාව හඳුනාගැනීමට අති වැදගත් කාර්‍යයක් ඉටුකරනු ඇත.

තේමාව ගැන වඩාත් හොඳ අවබෝඅධයක් ලබාගන්නට, අප ලබාගත් මේ ඡායාරූප කිහිපය ඔබට උපකාරී වේවි.

උපදෙස්:

සියලුම ඉදිරිපත් කිරීම්වල ඡායාරූපයේ සන්දර්භය සහ ඔබ පැවසීමට අදහස් කරන කතාන්දරය සම්බන්ධව ඔබේම සටහනක් ඇතුළත් විය යුතු යි. සිංහල, දමිළ හෝ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන් කැමති භාෂාවක් උපයෝගී කරගනිමින් එම සටහන සැපයිය හැකියි.

ඔබේ ඡායාරූප 2020 ජනවාරි 18 වැනි දිනට පෙර showtime@roar.global යන email ලිපිනය වෙත එවන්න. තෝරාගන්නා ඡායාරූප Roar.lk, Roar Sinhala, සහ Roar Tamil හි පළ කෙරෙනු ඇති.

තරග නීති රීති

  • වර්ණ නිවැරදි කිරීම් වැනි මූලික සංස්කරණයන්ට පමණක් අවසර ලැබේ.
  • ‘Digital art’ බාර නොගැනේ.
  • ඡායාරූපවල පුද්ගලයින් පෙනී සිටී නම්, ඔවුන්ගේ පූර්ව අවසරය/ කැමැත්ත ලබාගත යුතු ය.
  • මේ වෙත ඉදිරිපත් කරන සියලු ඡායාරූපවල මුල් අයිතිකරු ඉදිරිපත් කරන ඔබම විය යුතු යි.
  • ඉදිරිපත් කරන ඡායාරූප ඔබගේ බව තහවුරු කරන්නට EXIF දත්ත හෝ සාක්ෂ්‍ය ඉදිරිපත් කරන්නට ඔබට හැකි නම් එය වඩාත් සුදුසු ය.
  • Roar Global විසින් සියලුම ඉදිරිපත් කිරීම්වල ප්‍රකාශයට පත් කිරීමේ හා නිර්මාණාත්මක හිමිකම් රඳවා ගනු ඇත. කෙසේ වෙතත්, ඉදිරිපත් කිරීම්වල අවසාන අයිතිය ඡායාරූප ශිල්පියා සතු ය.
  • තෝරාගන්නා ලද ඡායාරූප පළ කිරීමේ දී ඡායාරූප ශිල්පියා පිළිබඳව සඳහන් වෙනු ඇති. එනිසාවෙන් සියලුම සහභාගිවන්නන් ඔවුන්ගේ සම්පූර්ණ නම සහ ඉන්ස්ටග්‍රෑම් (Instagram) සහ ෆේස්බුක් (Facebook) User names/ Handles ඡායාරූපය සමග ඉදිරිපත් කළ යුතු යි.
  • ඉදිරපත් කරන ඡායාරූප සඳහා කැමති ආකාරයක උපාංග භාවිතා කිරීමට ඔබට හැකියාව ඇත. ඇනලොග් සිට ඩිජිටල් කැමරා දක්වා හෝ ජංගම දුරකතනය වුවත් මේ වෙත භාවිත කරන්නට හැකියාව තිබේ. අවශ්‍ය වන්නේ ඒ ඡායාරූප ඔස්සේ කතාන්දරයක් නිරූපණය වීම පමණකි.

මතකයේ තබා ගත යුතු යි;

  • ඔබ ඡායාරූපයට නංවන පුද්ගලයින් එයට විරුද්ධ නොවිය යුතු යි. ඔවුන්ව ඡායාරූපගත කිරීම ඔවුන්ව අපහසුතාවයට පත් කරන්නේ නම්එයින් වැළකීමට ඔබ වගබලා ගත යුතු යි.
  • ඔබ සේයාරූ සොයා යන විට අනිවාර්යෙන්ම ඔබේ වටපිටාව පිළිබඳව සැලකිලිමත් වෙන්න. අනවසරයෙන් ඇතුළුවීම් වැනි නීති විරෝධී දෑ නොකිරීමට වග බලාගත යුතු යි.

එසේ නම් අපූර්ව කතන්දර ගොඩනංවන ඡායාරූප සොයා ගවේශනයේ යෙදෙන්න. සියලු ඉදිරිපත් වන්නන් වෙත අපේ සුබ පැතුම්!

END OF ARTICLE
If you found this article interesting and want to share it with your network, we have made it slightly more easier for you to do so
Subscribe!
Subscribe to the Roar Global Newsletter to stay updated on our latest company announcements and our take on the future of media in the region
Related articles