2018 නොවැම්බර් ලංකාවේ දේශපාලන පැටළුම් බොහෝ සිදුවුණු මාසයක්. නමුත් Roar Sinhala අපට නොවැම්බරයත් ඵලදායී මාසයක් වුණා. අප ඔබ හා බෙදාගත් ඇතැම් ලිපිවලට ඔබ බොහොම ප්‍රිය කළ බව අපට පෙනෙන්නට තිබුණා. ඒ, පාඨක ඔබේ ප්‍රතිචාරත්, සමාජ ජාලයන් ඔස්සේ අපගේ ලිපි බෙදාහදා ගැනෙන, කථිකාවට ලක්වන අන්දමත් හරහා යි. ඔබගේ සිත් ඉහළින්ම ඇද බැඳ තබාගත් ලිපි සහ විඩියෝ කීපයක් අප තෝරාගත්තා.
මේ, නොවැම්බර් මාසයේ ජනප්‍රියම ලිපිය. හිස වීදුරු බෝතලයක් තුළ ඉතිරි කර ගිය 19 වන සියවසේ දාම ඝාතකයෙක්, එහෙමත් නැත්නම් serial killer කෙනෙක් ගැන යි මේ ලිපිය ලියැවුණේ. පාඨක ඔබ මෙම ලිපිය බොහෝ ප්‍රිය කරන්නට Roar රචක දිනිඳුගේ කුහුල දනවන ලේඛන විලාසය හේතුවක් වන්නට ඇති බව අප විශ්වාස කරනවා.
දිනිඳුගේම ලිපියක් වුණු මෙය ජනප්‍රිය වන්නට අප පාඨකයා තුළ රුසියානු ඉතිහාසය උගෙනීමට ඇති ආශාවත්, ලිපියේ තොරතුරු සවිස්තරාත්මකව ඉදිරිපත් කර තිබූ ආකාරයත් හේතු වන්නට ඇති.
තඹරු විසින් ලියැවුණු මේ ලිපිය බොහෝදෙනාට ප්‍රයෝජනවත් විය හැකි තොරතුරු ඇතුළත් වූවක්. සෙවුම් keywords ලබාදෙමින්, කැමති අන්තර්ජාල වෙළඳපොළකින් අදාළ උපාංග සොයාගැනීම පහසු කර තිබුණු නිසා, මේ ලිපිය බොහෝ දෙනෙකු අතර බෙදා හදාගෙන තිබුණා.
චීන රජය යටතේ පවත්වාගෙන යන රහසිගත කඳවුරු ගැන ලසන්ත ලියූ මේ ලිපිය, සයිබර් අවකාශයේ සිංහල භාෂාවෙන් මෙම මාතෘකාව පිළිබඳව ලියැවුණු හොඳම, සවිස්තරාත්මකම ලිපියක් බව පැවසීමේ වරදක් නැහැ.
'හොල්මන් සහ අවතාර' කියන්නෙ ගුප්ත දේ ගැන කුතුහලය ඇති කවුරුත් ප්‍රියකරන මාතෘකාවක්. ඒ කුතුහලය මේ ලිපිය ජනප්‍රිය වන්නට හේතු වෙන්නට ඇති කියලා Roar හිතනවා.
ඔබ අතරේ ඉහළම ජනප්‍රියත්වයට පත් ලිපිත් සමගම, Roar අප වඩාත්ම ප්‍රිය කරන ලිපියත් මෙහි සඳහන් කරන්න අප අදහස් කරනවා. චාමර ලියූ මෙන්න මේ ලිපිය යි නොවැම්බරයේ Roar වඩාත් ප්‍රිය කරන ලිපි අතර ඉහළින්ම තිබෙන්නේ. ඇතැම්විට ඔබත් එයට ප්‍රිය වේවි.
මේ ලිපි තවමත් කියවා නැති නම්, ඉහත අමුණා ඇති ලින්කු හරහා එම ලිපි පරිශ්‍රිලනය කරන්නට පුළුවන්. හොඳම ලිපි ඒවා වෙද්දි, නොවැම්බර් මාසයේ හොඳම Roar සිංහල විඩියෝ වුණේ මෙන්න මේවා යි:
නොවැම්බර් මාසය තුළ ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබාගත් විඩියෝව වුණේ, Roar විඩියෝ සංස්කාරක තන්වීර් නිර්මාණය කළ, මහා ප්‍රපාතයකට ඉහළින් ඉදිකර තිබෙන, ඉරි තලන වීදුරු පාලමක් ගැන වාර්තා කෙරුණු මෙන්න මේ විඩියෝව යි.
ප්‍රදීප් විසින් සංස්කරණය කෙරුණු මේ විඩියෝව Roar පාඨකයින්ව කිලෝමීටර 10,000කට ආසන්න දුම්රිය ගමනක් තත්පර 50න් ගෙන යනවා.
සම්පූර්ණ ගුවන් යානයක් කෑල්ලෙන් කෑල්ල කා දැමූ මිනිසෙකු ගැන නිමැවුණු මේ විඩියෝවඔබ තවමත් නැරඹුවේ නැති ද? නොවැම්බර් මාසයේ තෙවැනියට ජනප්‍රිය වූයේ මේ විඩියෝව යි.
නොවැම්බරයේ සිව්වැනියට වැඩිම පිරිසක් නැරඹූ මේ විඩියෝව සංස්කරණය කෙරුණේත් Roar සිංහල කණ්ඩායමේ තන්වීර් අතින්.
නොවැම්බරයේ ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබාගත් Roar සිංහල පළ කිරීම් අතරේ, ඔබේ ප්‍රියතම ලිපි සහ විඩියෝත් තිබෙනවා ද?